අහිමි වී ගිය නුඹට

මව් බිමෙහි කිසිදා නොදුටු , මුණ නොගෙසුණ නුඹ මේ වෙලිකතරේ හමු උනා මට නොපැතූ නොසිතු විරූ ලෙස
ගෙවූ සුන්දර ඒ සොඳුරු දිනයන් සිහිකර හඬන්නට වී ඇත අද මට තනි වූ කෙනෙකු ලෙස.
නුඹ කිවූ පරිදි පමා වැඩි පමා වැඩියි අද මම, දුක කෙසේ විද ගන්නද සැප්ටම්බරයේ නුඹ මා මෙහි දමා ගිය විට. 
නුඹේ විවාහ මංගල්‍යය නුඹ අර ගන්න , මට උරුම තනිකම නැවතත් මට දෙන්න. 

අපේ රත්තරන් ගුරුතුමා

සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන.

මා මේ කියන්නට මුල පුරන්නේ අප දොළහ වසර වාණිජ අ0ශයේ ගත කරණ කාලයේ සිදු වූ සොදුරු අත්දැකීමකි.

අපොස සා.පෙ සමත්ව අප උසස් පෙලට යාමත් සමග සොදුරු මිතුරු කැල නොමැතිව අප තරණය කලාවූ එම කාල වකවානුව ඉතා දුක මුසු සමයක් විය.
අදටත් මගේ කළන මිතුරණ්ට මගේ හද පිරි උනුසුම් ආශිර්වාදය මෙලෙස පුද කරමි.
" දුකට සැපට දෙකටම මිතුරන්මය".

ඉතින්.................................

ඉතින් උ.පෙ දී සා.පෙ න් සමත්වු අය වෙන් වෙන් වශයෙන් තමන් කැමති විෂයන් තමන්ගේ රුචිකත්වය පරිදි තෝරා ගන්නා ලදී.
කළා හා වාණිජ වශයෙන් අපි අ0ශ දෙකකට ඉන් අනතුරුව බෙදෙන ලදී.

ඉන් ඉක්බිති මම වාණිජ අ0ශයේ මගේ ඉගෙනීම් කටයුතු කරගෙන ගියා.
වාණිජ අ0ශයේ  මාත් සමග මගේ සම කාලීන මිතුරන් පහලවක් ඉගෙනීම් කටයුතු කරගෙන ගි‍යා.
වාණිජ අ0ශය අපේ ප0ති කාමරයට ප0ති තුනකට එහාඉන් පිහිටා තිබුනි.
එම විශයට අදාල විෂයන් සදහා හැම සිසුවෙකුම එහි යා යුතුව තිබුනි,කළා විෂය හැදෑරුව හැදෑරූ සිසුන්ද කළා පන්තියට පියමන් කලා.
අපේ ඉගෙනීම් කටයුතු  මෙලෙසින් කරගෙන යන අතරෙ වාණිජ්ය පන්තියට කඩි මුඩියේ කළා අන්ශයේ ඉදන් අපේ යහලුවෙක් විදුලි වේගයෙන් දුවගෙන ආවේය.
වාණිජ්ය විෂය බාර ගුරුතුමාද හිටියේ අපට පාඩමක් කියාදෙමින් ඔහුගේ පුටුවේ අසුන් ගෙනය.(අසුන් ගෙන කියනවට වඩා තුන් කාලට විතර නිදිය ගන්නා ඉරියවුවෙන් දිගාවී සිටිනවා වැනියැයි පැවසුවහොත් යෝග්ය යයි සිතමි.
ඉතින් අර අපේ පන්තියෙ කවුලුව ලගට ආපු යහලුවා දුවගෙන ආපු වේගෙන්ම අපේ ගුරුතුමාගෙන් අහපි.
සිසුවා : සර් ළමයෙක් හම්බුවෙන්නද?.

ගුරුතුමා : ඕයි, මම ළමයෙක් හම්බු වෙන්න නම් මෙතන මෙහෙම ඉන්නවද මම එහෙනම් "කාසළ්" එකට (කාසළ් මාතෘ රෝහල ) යනවනෙ කියළ කියාපි.

එහෙම කියපු ගමන් අපි හැම දෙනාටම එදා බඩ පැලෙන්න හිනා,හිනා වෙලා හිනා වෙලා හිනාව නවත්ත ගන්න බැරි  තැන කදුලුත් එනවා.
ඒ හිනාව කොච්චර දුර දිග ගියාද කියනවා නම් හිනාව නවත්ත ගන්න බැරිව මමත් ඇතුලුව තව හය , හත් දෙනෙකුට වේවැල් පහරත් කන්න වුණා.
අදටත් මගේ පාසල් කාලෙ යහලුවො මගෙත් එක්ක දුරකථනයෙන් කතා කරද්දි ඔය ගැන අනිවාර්යයෙන්ම කතා කරනවාමයි.
මට මේ කතාව කියන අතරෙ , වානිජ්ය පන්තියෙදි අපි පාඩමේ අවදානය මග හැර කතා කර කර ඉන්න නිසාම එතුමා කලු ලෑල්ලේ උඩ හරියෙ පුන්චි දාරයේ මෙවැනි පාටයක් ලියා තිබුනා.

" ඔබ පැමිනියේ කුමකටද,
එය පමනක් ඉටු කරගෙන යන්න "කියා.


බුදු සරණයි!............. (කටාර් රාජ්යයේ සිට "ර0ගයා").

කොහොමද කතරින්ගෙ වැඩ?.









මේ අප ජීවත් වෙන කටාර් රාජ්යයේ , අප වගේම තරුණ වයසේ පසුවන . තරුණයින්ගේ හපන්කම් වලින් බිදක් ලගදීම තවත් අලුත් මෙවැනීම හපන්කම් රැසක් බලාපොරොත්තු වන්න.

කටාර් රාජ්යයේ "සිටි සෙන්ටර්"















සැමට සුබ දවසක්!.

අදින් ඇරබුනු "රාමසාන්" කාලය නියාවෙන් අප හට දහවල් 1.30 පසුව වැඩ නැහැ .
ඒ නිසා ගොඩක් සතුටුයි.
හැබැ‍යි එක ප්‍රස්නයක් එනම් ,
රාමසාන් පැවැත් වෙන හැම දවසකම අදාල කාලය තුල ආහාර අනුබවයෙන් දියර වර්ග පානයෙන් වැලකී සිටිය යුතු නිසා ( ආපන ශාලා තුල පමණි,තමන් නැවතී සිටින ස්තානයට ගෙනැවිත් අනුබව කල හැක. ), පාරෙ ආහාර අනුබව කිරීමෙන් වැලකිය යුතුයි.
අද අපේ කා.කා.ස. ගෙ මුහුන 'රාමසාන් හඳ වගේ' මොකද කිඋවොත් ඒ නිසා ඒකාට මේ දවස් ටිකේ තේ හදන්න හොද නැහැලු.බලමුකො ඒකෙත් හැටි.

ඒ කොහොම උනත් මම මේ 19 වෙනිදා "කටාර්" 'සිටි සෙන්ටර්' ගිය අවස්තාවක ලස්සන කලාත්මක නිර්මාණ වගයක් අඹලා තිබුනා මටත් හිතුනා. එම රූප රාමු මගේ ජ0ගම දුරකථනයේ අකිනෙක පෙල ගැසී ගබඩා වෙද්දියි මට නිරායාසයෙන් සිතී ගියේ මෙම රූප රාමු පෙල මගේ ලැබැදි සහෘර්දයින් හා බෙදා ගන්නවාමයි කියාලා.
ඇත්තටම මෙම කලාත්මක නිර්මාණ ඉතාම දැකුම් කලුයි,විශිශ්ටයි.
මේ හැම දෙයක්ම ඉතාමත් ලස්සනට අඹලා ජීවමාන රූප පුද්ගලයින්,සතුන් වාගේම්යි.
මගේ නම් මතය කලා නිර්මාණයක් අහසෙ,පොලොවෙ,ජලයෙ,වැල්ලෙ, කොහේ මැවුවද අප අගය කල යුතුයි යන්නය.එයට කිසිම සීමා මාඉමක් නොමැත.
ඔවුන්ගේ මේ නිර්මාණ ඉතා විශිෂ්ටඉ.
එය එම කලා කෘතීන් නරබන්න එක් රොක් වී සිටි නරබන්නන්ගෙන්ම මනාවටම ඔප්පු වුනා.
ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇදුම් ආඉත්තම් වලින් රටේ අනන්යතාවය රැකෙන පරිදි හැද පැළද සිටීමද මා දුටු තවත් එක් විශේශයක් විය.
මමත් කැමතියි මේ පිලිබදව ඔබගේ අදහස් දැන ගන්න.

පුලු පුලුවන් හැම වෙලාවකම නැවතත් අකුරු කරන්නට බලා පොරොත්තුවෙන් අදට ඔබගෙන් සමුගනිමි.

සියලු ලෝවැසි සත්වයන්ටම " තිසරණ සරණයි !".

"කටර්" රාජ්යයේ සිට 'ර0ගයා'.

මේ මගේ පලමු පලකිරීමයි.


මෙ අප ලබපු පාසල් ජීවිතේ සොදුරු අත් දැකීම් වලින් පලමු වැන්නඉ.

මේ කතාවට පාදක වන්නේ මාගේ පාසල් ජීවීතේ පස් වෙනි පන්තියෙ ( 5  ) වසරේ ශිෂ්යත්වය ගන්න කාලෙ ලබපු අත් දැකීමක්.

අප පහ වසරට සමත් උනහම උනු උනුවෙම අපටම කියා ගුරුවරයකු අලුතෙන් ( සමා වන්න එතුමා අනුරාද පුරයෙන්ද ? පොලොන්නරුවෙන්ද ? පැමිනියේ කියා නිස්ච්ත නිගමනයක් නොමැත.)

අපි කවදත් බය එක පාඩමක් තිබුන එතුමගෙන් ඉගෙන ගන්න ඒ තමඉ " චක්කරේ "

හැමදාම එක පැ‍යකදී  අනිවාර්යයෙන් එතුමා උදෙන්ම " චක්කර තොඉලෙ " නටන්න ගන්නවා.

ඔහු අප අපට තලන්නේ කෝට්ටකිනි " කෝට්ටකින් කිඋවට හරියට කිවුවොත් කෝටු මිටියක් .

හැමදාම පන්තිය ලග තියෙන පුන්චි ගහෙන් එක අත්තක් ( කෝට්ටක් ) කඩා ගෙන ඇවිත් මිටියට බදින්න ඕන මුලින්ම එතුමා අපට තලන්න ආරම්බ කලේ කෝටු විස්සක් අකතු කරල ගැට ගහපු කෝටු මිටි‍යකිනි.

එම කෝටු කඩාගෙන ආ යුත්තේද පන්ති නායකයා විසිනි.

පන්ති නායකයාට එය අමතක උනොත් එදාට ඔහුටත් ගුටි.

ඕන්න ඉතින් අහන්න ගන්නවා 'චක්කරේ' මෙ වගෙ ආකාරයකට.

ගුරුතුමා :පස් වරක් හත කීයද./ එකොලොස් වරක් එකොලහ කීයද ආදි..........වශයෙන්,

කාට හරි ඔය අහන ගනන් ගුණ (වැඩි ) කරලා උත්තරේ හරියට කියන්න බැරි උනාද

ලගට අඬ ගහලා සර්ගෙ මේසෙට ලගින්ම තව අපි ලියන මේසයක් හිස්ව තියෙනවා.

'ඔන්න දැන් ගුරුතුමාගෙ වචන ටික

ගුරුතුමා : ආ ඔය මේසෙට අත් දෙක තියලා පස්ස (තට්ටම්) දෙක මේ පැත්තට හැරෙව්ව නම් කියන කොටම මේසෙ අල්ලගෙනම (තට්ටම්) දෙක හරවන්න ඕන,

ඊට පස්සෙ තුම් පාරක් අර වේවැල් මිටියට පිඹින්න කියනවා

ශිශ්‍යයා : පුෆ්,පුෆ්,පුෆ්, කියලා අපිත් පිඹිනවා.

ගුරුතුමා : අහ් දැO දෙවියන් සිහි කරගෙන ඉස්සරහා බලා ගනින් කියනවා.

ඉන් පසු ගුරුතුමාගෙ මැතිරිල්ල.

ගුරුතුමා: ආතාලක්කටු පාතාලක්කටු ඕන් කුරක්කන් පිට්ටු,ආතාලක්කටු පාතාලක්කටු ඕන් කුරක්කන් පිට්ටු,

ආතාලක්කටු පාතාලක්කටු ඕන් කුරක්කන්.......පිට්ටුඌ..................කියාගෙනම අර කෝටු මිටියෙන් තට්ටමට තඩි බාන්නෙ නැතෑ මන්තරේ කියලා ඒ ගුටිය වැදුනම ආයෙ තමන්ගෙ මේසෙ ලගට යනවා නෙමේ හරියට මහන මැශිමකින් මහපු 'සිග් සැග්' මැස්මක් වගෙ එහෙට මෙහෙට පැද්දි පැද්දි ගිහින් ඉන්දෙනවා. .

අනේ ඉතින් අපට පාසල් ඇරිලා ගෙදර ගියාම දවල්ට නානකොට තමඉ තට්ටම ඉදිමිච පාරවලුඉ දැවිල්ලඉ දැනෙන්නෙ.

එවෙලෙට ඉතින් පොල් තෙල් වල පිහිට තමඉ, ඇඉ ඉතින් අම්මට කියන්ඩ යැ..

' මගේ පුන්චි මල්ලිලා,න0ගිලා ඔයාලත් හොදින් ඉගෙන ගන්න.

' ඉගෙනීම කාටත් වරදක් කරන්නෙ නෑ.

" බුදු සරණඉ සියලු ලෝ වැසි ස්ත්වයන්ටම."

'කටාර් රාජ්යයේ' සිට : ර0ගයා